Thursday, February 4, 2016

ඔත්තු දෙන හාඩ් ඩිස්ක්



නයිජීරියාවේ වෙළද අග නගරය ලාගොස්  ය. මෙහි ඇති ලාගොස් පරිගණක ගම්මානය.(Lagos computer Village) යනු විවිධ රටවල පාවිචිච් කළ පරිගණක සහ වෙනත් විවිධ වර්ගයේ  පරිගණක උපාංග තොග පිටින් විකුණන වෙළද සල්පිලකි. මෙම වෙළද සල්පිල ගැන වාර්තා වැඩසටහනක් බ්බ්සි පුවත් සේවයේ රියල් ස්ටෝරි (Real Story) වැඩසටහන් මාලාව යටතේ ඉදිරිපත් කෙරිණ. යම් මාතෘකාවකට අදාළ ඇත්තම දේ සොයාගෙන ඉදිරිපත් කිරීම මෙම වැඩසටහනේ ස්වාභාවයයි.                                                                                                                    
බ්‍රිතාන්‍ය  සිට නයිජීරියාවට යවනු ලැබූ පාවිචිච්  කළ පරිගණක තොගයකින් හාඩ් ඩිස්ක් 17 ක් මිලදී ගත් මෙම වැඩසටහනේ නිෂ්පාදකයෝ එම හාඩ් ඩිස්ක් වල අඩංගු තොරතුරු විවිධ ක්‍රම වලින් නැවත ලබා ගත්හ.
ඒවායේ තිබුණේ ඒ හාඩ් ඩිස්ක් යෙදු පරිගණක පාවිචිච් කල පුද්ගලයන්ගේ ලිපින, බැංකු ගිණුම් අංක, පාස්වර්ඩ්, ඩිජිටල් ෆොටෝ,-මේල් ලිපින වගේ ඉතා රහසිගත වෙළද සම්බන්ධතා යනාදී තොරතුරුය.                                                                                                           
මේ හාඩ් ඩිස්ක්වල තිබු තොරතුරු ඔස්සේ බැලු විට ඉන් එකක මුල් අයිතිකරුවා එසෙක්ස්හි ටෙඩ් රොබට්ස් නම් තැනැත්තෙකි. බ්බ්සි පුවත් සේවයේ ජන මාධයවේදීහු ටෙඩ් රොබට්ස් සොයා ගොස් නයිජීරියාවේදී හමුවූ හාඩ් ඩිස්කය ඔහුට පෙන්වුහ. ඉන් පසු එහි වූ තොරතුරු ඔහුට කිහ. ඉන් පුදුමයට පත් ටෙඩ් රොබට්ස් කිවේ, තමා මේ හාඩ් ඩිස්කයේ තිබු තොරතුරු මකා දැමීමෙන් පසු එය ප්‍රතිචක්‍රීකරණ මධයස්ථානයකට බාරදුන් බවය.                                                                                                                                          
මෙම සිද්ධියෙන් පෙනෙන දේ ගැන විශේෂ අවධානයක් යොමු කළ යුතු බව බ්බ්සි ලෝක සේවය වාර්තා කළේය. එනම් යමෙක් තමාගේ හාඩ් ඩිස්කය ඉවත් කරන විට ඉතා සැලකිල්ලෙන් පෞද්ගලික තොරතුරු සියල්ල මකා දැමිය යුතු බවයි.
සමාන්‍යයෙන් වැඩි දෙනා කරන්නේ නොමිලේ දෙන මෘදුකාංග මගින් හාඩ් ඩිස්කයේ ඇති file මකා දැමීමයි. එහෙත් බොහෝවිට ඒවා සම්පුර්ණයෙන් ඉවත් වෙනවා වෙනුවට සැගවී යයි හාඩ් ඩිස්ක් එක සම්පුර්ණයෙන්ම ෆෝමැට් කර ඉවත් කිරීම තවත් අය කරන්නකි. එවිට සෑහෙන දුරට හාඩ් ඩිස්ක් එක පිරිසිදු වෙන බව පිළි ගැනුණත් ඒ ගැන හරියටම සහතිකයක් දෙන්නට බැරිව තිබෙන්නේ, නොයෙක් මාදිලියේ ආරක්‍ෂිත උපක්ක්රම යොදා යමෙක් හාඩ් ඩිස්ක් එක තුළ File Save කොට තිබුණේ නම් ඒවා තව දුරටත් ඩිස්කය තුල රැදී තිබෙන්නට පුළුවන් නිසාය. විශේෂ මෘදුකාංග (Recovery software) යොදා ගෙන ඒවා අනාවරණය කර ගන්නට පිටස්තර කෙනෙකුට පුළුවන.

හාඩ් ඩිස්ක් එකක තිබෙන තොරතුරු අන් අය අතට පත්වීම සම්පුර්ණයෙන්ම වලක්වලක්වන්නට පුළුවන් ක්‍රමයක් Which නම් පරිගණක සගරාව විසින් වරක යෝජනා කර  තිබුණේය. ඔවුන් කියන්නේ පරිගණකය පාවිච්චියෙන් ඉවත් කරන විට හාඩ් ඩිස්ක් එක ගලවා බුරුමයක් මගින් එය තැන් කිහිපයක් සිදුරු කිරීම හොද බවය එවිට නැවත කිසිවෙකුට එය ක්‍රියාත්මක කරන්නට බැරි නිසා එහි රැදී ඇති තොරතුරු 100% ආරක්ෂාවෙයි. එසේ නොවේනම් හොදම දේ හාඩ් ඩිස්ක් එක මිටියකින් තලා දැමීම බව එම සගරාව කියයි.

0 comments: