Thursday, February 4, 2016

Android දුරකථන on නොවේ නම්




Android දුරකථනයේ Power බොත්තම තද කරගෙන සිටියද දුරකථනය on නොවෙයි නම් කුමක් කළ යුතුද?,දුරකථනය හදිස්සියේ Stuck වී ඇත්නම් බොත්තම තද කලද කිසිවක් සිදූ  නොවෙයි විසදුම කුමක් ද?,දුරකථනය on කළද එය තරමක් දුරට on වී Stuck වෙයි ඒ ඇයි? යනාදී ලෙස Android දුරකථන අක්‍රිය වූ අවස්ථා වල අපට ඇතිවන පොදු  ප්‍රශ්නයන්ය.මේවා සියල්ලටම විවිධාකාරයේ විසදුම් ඇති අතර අප ඔබ වෙනුවෙන් ඒවා  මෙලෙස ඉදිරිපත් කරන්නෙමු    

  •           දුරකථනය Charger එකට සම්බන්ධ කර මද වේලාවක් තැබීම
Android දුරකථන වල බැටරිය සම්පුර්ණයෙන්ම බැස ගිය විට ඒවා නැවත පණගැන්වීමට  නම් යම් නිශ්චිත ප්‍රමාණයක බැටරි ධාරිතාවක් අවශ්‍ය වේ.එබැවින් ඔබේ දුරකථනයේ බැටරිය බැස යාමෙන් පසු ක්‍රියාත්මක නොවේ නම් Charger එකට සම්බන්ධ කර විනාඩි 10 ක් 15 ක් තැබීමෙන් එය නැවත පණගැන්විය හැකිය.

  •          බැටරිය ගැලවීම හෝ දුරකථනය Emergency Shutdown කිරීම
සමහර අවස්ථා වලදී ඔබගේ දුරකථනය Stuck වු විට බොත්තම් තද කිරීම (Home,Back,Menu) ප්‍රතිපල රහිතනම්, ඔබට කල හැකි දෙයක් වන්නේ දුරකථනය Restart කිරීමයි. ඒ සදහා ඇති පහසුම ක්‍රම වේදය වන්නේ දුරකථන බැටරිය ගලවා ඉවත් කිරීමයි. එලෙස බැටරිය ඉවත් කල නොහැකි දුරකතනයක් ඔබට තිබේ නම්, එය හදිසියකට ක්‍රියා විරහිත කළ හැකි Emergenicy Shutdown ක්‍රමවේදයක් දුරකතනයේ අන්තර්ගත කර ඇත.ඔබේ දුරකථනයේ Power බොත්තම තත්පර 15 ත් 30 ත් අතර කාලයක් තද කරගෙන සිටිය විට හෝ power බොත්තම හා Volume Down හෝ සමහර දුරකථන වල (volume up හෝ camera) බොත්තම තද කර සිටීමෙන් බැටරිය ගැලවීමකට හා සමාන ආකාරයකට Stuck වු බැටරිය ඉවත් කල නොහැකි උපංග Restart වනු ඇත.

  •          Rrecovery Mode වෙත පිවිසීම
සමහර දුරකථන පනගන්විමේදී logo සියල්ල දර්ශණය වී stuck වීම සිදුවන විට ඔබ කළ යුත්තේ දුරකථනයේ recovery mode එකට  පිවිසීමයි. මෙය බොහෝ උපාංග වල කල යුත්තේ දුරකථනය ක්‍රියා කිරීමේ දී power බොත්තම සමග volume key (හෙවත් දුරකථන වල volum dawn හෝ camera)තද කරගෙන සිටීමෙනි.
(ඔබට දුරකථනයේ නම හා recovery mode ලෙස Google හි Search කිරීමෙන්( උදා Recovery Mode of Sony Xperia V )ඔබේ දුරකථනයට අදාල Recovery Key සොයා ගත හැකිය.Recovery Mode තුලින් ඔබට ඔබේ දුරකථනය Factory Reset කිරීමට හැකිවනු ඇත
අවසන් සටහන මේ සියලු ප්‍රයත්නයන් වියර්ත වෙයි නම් ඔබට ඔබේ දුරකථනය root කර Custome Rom එකක් Install කිරීමට සිදුවනු ඇති අතර එය සිදු කිරීමේදී Android දුරකථන පිළිබද හොද දැනුමක් ඇති අයෙකුගේ සහය ලබා ගැනීම හෝ ඔබ ඒ පිලිබදව ඉතා හොදින් කරුණු දැනගෙන එය සිදු කල යුතුය.

0 comments: